අඹිලිපිටිය නගරයෙන් පුනරුප්පත්තියක්..

මා හට අසන්නට ලැබුනු පරිදි ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ ඉගෙනුම ලැබූ දසුන් නම් වූ ශිෂ්‍යයා තවත් ළමුන් දෙදෙනෙකු සමඟ වැවේ නාමින් සිටියදී ඹහු හා තවත් ශිෂ්‍යයකු මිය ගිය අතර ඉන් එක් ශිෂ්‍යයකු දිවි ගලවා ගත්තේය. මෙම සිදු වීම සිදු වී දැනට තෙවසරක් පමණ ගත වී ඇත.

දසුන් මිය ගිය පසු ඔහුගේ දෙමාපියන් නොයෙකුත් පින් දහම් කරමින් තමාගේ එකම පුත් රුවනට සෙත් පතන ලදි. දසුන්ගේ දෙමාපියන් පින් දහම් කරමින් කල් ගතවෙත්ම රත්නපුර නගරයෙන් අපූරු සිදු වීමක් සිදු වෙමින් පැවතුනි.

වසර තුනක පොඩි දරුවක් තමාගේ පෙර ආත්මය ගැන යම් යම් ප්‍රකාශ කරමින් කල් ගත කරන බවකි. තමා ඇඹිලිපිටිය නගරයේ ජීවත් වූ බව පැවසුවත් දෙමාපියන් එය පිළිගැනීමට මදක් පැකිලුනි. නමුත් පෙර දිනක ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ ඡායාරූපයක් පත්තරයක දුටු පුංචි පුතු එය දෙමාපියන්ට පෙන්වමින් මේ මං ඉගෙනගත් පාසල යැයි ප්‍රකාශ කරන ලදි.


මේ කතාවේ සුල මුල සොයා බැලීම සඳහා ඇඹිලිපිටිය නගරයට යාමට දෙමාපියන් තීරණය කරන ලදි. එහි ගොස් තොරතුරු සොයා බැලීමේදී පෙර ආත්මයේ නිවස වන දසුන්ගේ නිවසට තම දෙමාපියන් කැඳවාගෙන යාමට මෙම පුංචි පුතු සමත් විය. ඔහුගේ දෙමාපියන්, යහළුවන් හඳුනා ගන්න ඔහුට හැකි විය. ඹහු වැවේ නාන්න යන අඩිපාරෙන් වැවට තමා සමඟ ගිය පිරිස කැඳවාගෙන යාමට ඔහුට හැකිවිය.

මෙය මෑත කාලයේ අසන්නට ලැබුනු සත්‍ය පුනුරුප්පත්ති කතාවකි. මෙම කතාවේ තවත් තොරතුරු දැනගත් වහාම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

3 comments:

  1. wow.............

    ReplyDelete
  2. මිය ගිය දසුන් මගේ පන්තියට අල්ලපු පංතියේ හිටියේ.මගේ හොඳම මිතුරෙක්.එයා මිය ගිහින් දැනට අවුරුදු 3ක් නෙවෙයි,6ක් වෙනවා.2004 නොවැම්බරයේ වගේ මට මතක.අපේ ඉස්කොලේ අවසාන වාර විභාගය අතරමැද දවසක්.O/L ලියන්න ඉතාමත් කිට්‍ටුව... පහුවෙනිදා උදේ විභාගෙට එනකොට දැනගත්තේ දසුන් හා ප්‍රියංකර කලින් දින වැවේ නෑමට ගොස් ගිලී ඇති බව.ඒ වනවිටත් සිරුරු ගොඩ අරන් තිබුනේ නෑ.අපි බෙහෙවින් කම්පා වුණා.පාසලේ විභාගය අත්හිටවූවා.අපි වැව ළඟට ගියා.නේවි එකෙන් ඔවුන්ගේ සිරුරු සොයමින් වෙහෙසුනා.ප්‍රියංකර පළමුවත්,දසුන් දෙවනුවත් සොයාගත්තා.අපේ මිතුරෙක් අහිමි වීම නිසා දින ගණනක් අපි දුකින් ගත කළා මතකයි.ඔහුගේ පුනරුප්පත්තිය ඇසීම සතුටක්.

    ReplyDelete